WordPress WooCommerce Themes

අඹතල චක්‍රය

මෙය වස් කවි හා සෙත් කවි ආදිය සැකසීමේ දී භාවිත කරන අක්ෂර බෙදීමකි. යෝනි අනුව බෙදීම සිදුකරයි. එයින් අකුරු වල සතුරු, මිතුරු ආදී ලක්ෂණ පෙන්නුම් කරයි. මෙහි පළමු යෝනිය පස් වැන්නට සතුරු වේ.  දෙවැන්න හය වැන්නටත්, තෙවැන්න සත් වැන්නටත්, සිව්වැන්න අට වැන්නටත් විරුද්ධ වේ. කොතැනකින් අරඹා කුමන අතකට ගණන් කළත්, ගැණීම ඇරඹූ යෝනිය පස්වැනි යෝනියට ප්‍රතිවිරුද්ධය. විරුද්ධ යෝනි හැර සෙසු යෝනි උදාසීන වන නමුත් සිව්වැනි යෝනිය මිත්‍ර සේ සලකනු ලැබේ.

සබැඳි ලිපි

ArtEncyclopedia

අං සහිත දෙවියා

අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
EncyclopediaEncyclopedia-History

අංග

අංග උතුරු ඉන්දියාවේ වත්මන් භාගල්පූර් හා මොන්ගීර් දිස්ත්‍රික් ආශ්‍රිතව රාජ්මහල් කඳු ප්‍රාන්තයේ පුරාතනයේ පැතිර තිබූ රාජධානියකි. නැගෙනහිරින් චම්පා නදිය විය. උතුරින් ගලා ගියේ ගංගා නදිය...
Encyclopedia

අංගද

අංගද ඉන්දීය ඉතිහාසයේ හමුවන චරිතයකි. භාරතයේ වීර කාව්‍යයක් සේ සැලකෙන රාමායනයේ ප්‍රමුඛ චරිතය වන රාම රජුගේ සොයුරු ලක්ෂ්මණගේ පුතුන් දෙදෙනාගෙන් කෙනෙකි. අතේ ඉහළ කොටස හෙවත්...
Encyclopedia

අංගාර චේතිය

අංගාර චේතිය දඹදිව පිප්ඵලී වනයෙහි විසූ මෝරිය රජ දරුවන් විසින් ඉදි කළ චෛත්‍යයකි. බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑ පසු ආදාහනය කළ ස්ථානයෙන් ලබා ගත් අඟුරු නිදන්...
Encyclopedia

අංගිය

අංගිය භාරතීය කුල නාමයකි. මෙය ම අම්බිය නමින් ද හැඳින්වේ. සාතවාහන රාජ වංශයට අයත් ගෞතමීපුත්‍ර ශාතකර්ණී රජු විවාහ වූයේ මේ කුලයේ කුමරියක සමග බව නානාඝාත්...
Encyclopedia

අංගීරස

අංගීරස (බෞද්ධ) ශරීර අංගයන්ගෙන් රශ්මිය විහිදෙන යන අරුතින් බුදුරදුන් වෙනුවෙන් යෙදූ අපර නාමයකි.