WordPress WooCommerce Themes

වැහි වැටෙනවා ද නැද්ද? කපුටු සාස්තරේ………………..

ලංකාවේ වියළි කලාපයේ ජනයා අතර මේ වැසි අනාවැකි බැලීම තිබෙනවා…

බිනර මාසේ….ඒ කිව්වේ ආසන්න වශයෙන් සැප්තැම්බර් මාසේ වැහි අඳුර ඇති වෙන්න කලින් කාක්කී බිජු දාලා පැටවුන් හදනවා. ජනප්‍රවාදයේ තියනවා වැහි අඳුර එනතුරු හිටියොත් පැටව් තව කළු වෙයි කියලා ලු එහෙම කරන්නේ.

කාක්කී එක් පැටියෙක් හැදුවොත් වැහි ලැබෙන්නේ නෑ කියලා විශ්වාසයක් තියනවා.

පැටවු දෙන්නෙක් නම් වැහි ලැබෙනවාලු ටිකක්…

වැහි හොඳට ම ලැබෙන්නේ පැටවු තුන්දෙනෙක් නම් ලු…………..

කාක්කී එහෙම කරන්නේ කෑම හිඟ වියහැකි නිසා කියලා ජනයා විශ්වාස කරනවා.

කපුටා කියන්නේ කොයි තරම් කෑවත් බඩගිනි නැතිවෙන්නේ නැති සතෙක් කියනවානේ.

කෑම ම හොයනවා කොච්චරවාත්.

ඉතිං පැටව් ගොඩක් හදාගත්තොත් කෑමත් ගොඩක් ඕනා.

ඒත් වැස්ස අඩු නම් ගොවිතැන් නිසරු වෙලා ආහාර හිඟ වෙන නිසා වැස්ස වැටෙන ප්‍රමාණය අනුව පැටවු අඩු වැඩි කරනවා කියලා ගැමි විශ්වාසයක් තියනවා.

දැන් ප්‍රශ්නයක් ඇති කාක්කී දන්නේ කොහොම ද කියලා වැස්ස අඩු වෙනවා ද වැඩි වෙනවා ද කියලා….

ඔව්…සත්තු මිනිස්සුන්ට වඩා පරිසරයට සංවේදීයි.

එයාලා අපිට වඩා ඒ ගැන දන්නවා

අපි ඒ ගැනත් මීළඟ කලාපෙක කතා කරමු.




සබැඳි ලිපි

Uncategorized

ක්‍රිෂ්ණ

දකුණු ඉන්දියාවේ ප්‍රධාන ගංගාවෙකි. බටහිර සිට නැගෙනහිරට ගලාවිත් ඉන්දීය සාගරයට වැටේ. තුංගභද්‍රා නදිය මෙහි ප්‍රධාන අතුගංගාවයි.
Uncategorized

මුද්‍රිත පොත් හා e-books

දේශීය පාසල් පෙළපොත් දේශීය පාසල් පෙළපොත් Smart textbook-Sri Lanka Past papers-WIKI පැරණි දේශීය ප්‍රශ්නපත්‍ර දේශීය විෂය නිර්දේශ-දේශීය විෂය නිර්දේශ ගුරු අත්පොත්-දේශීය ගුරු අත්පොත් වෙනත් දේශීය...
Uncategorized

එය කරන්නේ කෙසේ ද? How do you do it?

සාමාන්‍ය පෙළ/ උසස් පෙළ විභාගයට පෞද්ගලිකව අයදුම් කරන්නේ කෙසේ ද? 2000 සහ ඊට පෙර උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාග සහතික පිටපත් ලබාගන්නේ කෙසේ ද?...