WordPress WooCommerce Themes

බලාපොරොත්තුවේ දෑස් මත පතිත වූ කුසගින්න මුසු මරණය…

 

The photo is taken from the Internet and the right belongs to the original owner.

එම පැටවුන් මියගොස් තිබේ. ඇතැම් විට ඒ පැටවුන්ගේ මව ආහාර සොයා ගිය අතර විලෝපිතයෙකුගේ ගොදුරක් වන්නට ඇත. නැතහොත් මිනිසෙකුගේ ගොදුරක් වන්නට ඇත. නැත්නම් කූඩුවක ලා ඇතිකරනු පිණිස මිනිසෙකු විසින් අල්ලාගෙන යන්නට ඇත.

බොහෝ දේ සිතන්නට හැකිය.

නමුත් බොහෝ දේ නොකියමි.

සිතන්න.

ඔබගේ නිවසේ කූඩුවක ඇති කරන්නේ නිදහසට පෙම් කරන සත්වයෙකි. ඔබට සේ ම ඒ සත්ත්වයාට ද අවශ්‍යතා තිබේ…දරුවන්…පෙම්වතුන්, පෙමිවතියන් හා ඥාතීන් සිටී. නිදහසේ දුව පැන ඇවිදීමේ/ඉගිල යෑමේ ආශාවන් තිබේ.

ඔබ විසින් ඒ සියල්ල උදුරාගෙන, කප්පාදු කර තිබේ.

ඉන් එහා කිසිවක් නොකියම්.

නමුත්

ඉන් එහා සිතන්නට බොහෝ දේ තිබේ.

මම සිතමි.

ඔබ ද සිතන්න


-අමිල උඩවත්ත.

සංස්කාරක, edu+

www.eduhelp.lk




 

 

සබැඳි ලිපි

Uncategorized

ක්‍රිෂ්ණ

දකුණු ඉන්දියාවේ ප්‍රධාන ගංගාවෙකි. බටහිර සිට නැගෙනහිරට ගලාවිත් ඉන්දීය සාගරයට වැටේ. තුංගභද්‍රා නදිය මෙහි ප්‍රධාන අතුගංගාවයි.
Uncategorized

මුද්‍රිත පොත් හා e-books

දේශීය පාසල් පෙළපොත් දේශීය පාසල් පෙළපොත් Smart textbook-Sri Lanka Past papers-WIKI පැරණි දේශීය ප්‍රශ්නපත්‍ර දේශීය විෂය නිර්දේශ-දේශීය විෂය නිර්දේශ ගුරු අත්පොත්-දේශීය ගුරු අත්පොත් වෙනත් දේශීය...
Uncategorized

එය කරන්නේ කෙසේ ද? How do you do it?

සාමාන්‍ය පෙළ/ උසස් පෙළ විභාගයට පෞද්ගලිකව අයදුම් කරන්නේ කෙසේ ද? 2000 සහ ඊට පෙර උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාග සහතික පිටපත් ලබාගන්නේ කෙසේ ද?...