WordPress WooCommerce Themes

ඉතින් පායා දිලෙන් අහස නුඹගෙයි තාම…

ම’සිත් කෙත සුපීදුණු සුපෙම් රන්කරල් රැස

යළිත් කිසියම් දිනෙක මඳ පවන් විඳිනු ඇත

වසිද්දී අසනි වැසි වේදනා විදුලි මිස

තෙතක් සිසිලසක් විඳි කලක් මතකයේ නැත

අරන් රන්වන් කරල් සපැමිණෙන ගිරවු නැත

ඉතින් මඟ අසන්නට වනේ වන සතෙක් නැත

නිතින් මංමුළා වී උගත් යම් දෙයක් ඇත

ඔබෙන් විවරණ ලබා දිනන්නට ලොවක් ඇත

වසින් වස ගෙවී පසු වුණත් කල් සුහදාණ

අසින් අසකුත් සඳේ එළිය අඩු නැත තාම

ලෙසින් දුක’ඳුර නසන පුරපසේ තරිඳාණ

ඉතින් පායා දිලෙන් අහස නුඹගෙයි තාම…

 

-සධ්‍යා කොඩිතුවක්කු

සබැඳි ලිපි

Uncategorized

ක්‍රිෂ්ණ

දකුණු ඉන්දියාවේ ප්‍රධාන ගංගාවෙකි. බටහිර සිට නැගෙනහිරට ගලාවිත් ඉන්දීය සාගරයට වැටේ. තුංගභද්‍රා නදිය මෙහි ප්‍රධාන අතුගංගාවයි.
Uncategorized

මුද්‍රිත පොත් හා e-books

දේශීය පාසල් පෙළපොත් දේශීය පාසල් පෙළපොත් Smart textbook-Sri Lanka Past papers-WIKI පැරණි දේශීය ප්‍රශ්නපත්‍ර දේශීය විෂය නිර්දේශ-දේශීය විෂය නිර්දේශ ගුරු අත්පොත්-දේශීය ගුරු අත්පොත් වෙනත් දේශීය...
Uncategorized

එය කරන්නේ කෙසේ ද? How do you do it?

සාමාන්‍ය පෙළ/ උසස් පෙළ විභාගයට පෞද්ගලිකව අයදුම් කරන්නේ කෙසේ ද? 2000 සහ ඊට පෙර උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාග සහතික පිටපත් ලබාගන්නේ කෙසේ ද?...